Responsive image


ආයතන අංශය

හැදින්වීම

අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු විධායක ශ්‍රේණියේ නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරින්, අතුරු වෛද්‍ය සේවයේ නිලධාරීන්, සංවර්ධන නිලධාරින්, කළමනාකරණ සේවා නිලධාරින් හා ආශ්‍රිත සේවාවල නිලධාරීන්ගේ සහ රියදුරු සේවයේ නිලධාරින්ගේ, සේවා ස්ථිරකිරීම්, උසස්කිරීම්, විශ්‍රාම ගැන්වීම්, ස්ථානමාරු හා විනය කටයුතු සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීම. ප්‍රාථමික හා ශිල්පීය නොවන සේවා ගණවල පත්කිරීම්, ස්ථිරකිරීම්, උසස්කිරීම්,විශ්‍රාම ගැන්වීම් හා විනය කටයුතු සිදුකිරීම අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ සහනදායි මෝටර්රථ බලපත්‍ර, විදේශ නිවාඩු, දේශීය විදේශීය ශිෂ්‍යත්ව,හදිසි අනතුරු නිවාඩු හා වන්දි,භාෂා දීමනා, හා අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවල කාර්යමණ්ඩල පුරප්ප්ඩු සම්පුර්ණ කිරීම යන කාර්යයන් සඳහා නිර්දේශ ලබාදිම.

කාර්යයභාරය
  • අමාත්‍යාංශයේ කාර්යය මණ්ඩලයේ පෞද්ගලික ලිපි ගොනු කළමනාකරණය හා යාවත්කාලීනව පවත්වා ගෙන යාම.
  • අමාත්‍යාංශ කාර්යය මණ්ඩලයේ පත්කිරීම් , සේවය ස්ථිර කිරීම්, උසස් කිරීම් , විභාග කටයුතු , ස්ථාන මාරු කිරීම් , විශ්‍රාම ගැන්වීම් , සේවයෙන් මුදාහැරීම් හා ඉල්ලා අස්වීම් ඇතුළු ආයතනික පරිපාලන කටයුතු.
  • අමාත්‍යාංශ කාර්යය මණ්ඩලයේ පුහුණු කටයුතු , වාර්ෂික කාර්යය සාධන වාර්තා හා වාර්ෂික වැටුප් වර්ධක අනුමත කිරීමට අදාළ කටයුතු.
  • අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු වන වයඹ පළාත් ආයුර්වේද , සෞඛ්‍ය සේවා , පරිවාස හා ළමාරක්ෂක සේවා සහ සමාජ සේවා යන දෙපාර්තමේන්තුවල කාර්යය මණ්ඩලයන්හි පත්කිරීම් , ස්ථිර කිරීම් , උසස් කිරීම් , ස්ථාන මාරුවීම්, විශ්‍රාම ගැන්වීම් හා විනය පාලනය යනාදී බලතල පැවරීම යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ වන සියලුම ආයතනික පරිපාලන කටයුතු.
  • අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු කාර්යය මණ්ඩලවලට අදාළ බඳවා ගැනීම් පරිපාටි අනුමත කිරීම් හා අදාළ කටයුතු.
  • අමාත්‍යාංශයේ හා දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ විදේශ නිවාඩු , හදිසි අනතුරු නිවාඩු හා වන්දි , සහනදායි මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරීම් හා අදාළ කටයුතු.
  • අමාත්‍යාංශයේ වාහන අලුත්වැඩියා හා අදාළ කටයුතු.
  • සංවර්ධන හා සැලසුම්

    හැදින්වීම

    සැලසුම් අංශයේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවලට අයත් ආයතනවල සියලුම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ. ඒ් අනුව, පළාතේ මූලික රෝහල් හා ප්‍රාදේශීය රෝහල්, ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල, ආයුර්වේද රෝහල්, ආයුර්වේද මධ්‍ය බෙහෙත් ශාලා, වැඩිහිටි නිවාස, ළමා නිවාස යනාදි ආයතනවල ඉදිකිරීම් හා නවිකරණ කටයුතු ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය අංශයේ හෞතික සම්පත් සංවර්ධනය හා නඩත්තු කිරීම මඟින් පළාතේ පොදු ජනතාව සඳහා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරිම අපගේ මුලික අරමුණ වේ. ඒ අනුව යමින් වයඹ ජනතාවගේ නිරෝගීභාවය ආරක්ෂා කරදීම උදෙසා පෙරදිග හා අපරදිග සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, දිළිඳු හා අසරණභාවයට පත් පුද්ගලයින්ගේ රැකවරණය සැලසීම, අනාථ, අසරණ අත්හළ ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ළමා නිවාස හා වැඩිහිටි නිවාස සඳහා අවශ්‍ය හෞතික සම්පත් සංවර්ධය හා නඩත්තු කිරීමත් මෙම අංශයේ කාර්යය භාරයට අයත් වේ.

    සංවර්ධන කාර්යන් සඳහා විවිධ මුලාශ්‍ර මඟින් ලබා දෙන ප්‍රතිපාදන භාවිතා කර ක්‍රියාත්මක කල යුතු සංවර්ධන ව්‍යාපෘති නිසි ක්‍රමවේද ඔස්සේ හදුනාගැනීම, ඒවා ප්‍රමුඛතාගත කර සැලසුම් සකස් කිරීම, ඒ අනුව ප්‍රතිපාදන වෙන් කර දීම, එම සැලැසුම් අනුමත කරවා ගැනීම, අවශ්‍ය ප්‍රමුඛතා අනුව හා හදිසි අවශ්‍යතා අනුව සැලැසුම් සංශෝධන කිරීම, එම සංශෝධිත සැලැසුම් අනුමත කර ගැනීම, සකස් කරනු ලබන සැලැසුම් අනුව සංවර්ධන හා නඩත්තු කාර්යන් සිදුවනවාද යන්න අධික්ෂණය කිරීම, කේෂත්‍ර පරික්ෂණ තුළින් එම ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරික්ෂණ කිරීම, මාසික කාර්තු වශයෙන් රැස්වීම් පවත්වා සංවර්ධන කාර්යන්හි ප්‍රගතිය හා ඒවායේ ගැටළු සාකච්ජා කිරීම, ප්‍රගතිය පාලනය කිරීම මෙම අංශයට පැවරි ඇත. මීට අමතරව ව්‍යාපෘති කළමණාකරනය හා ව්‍යාපෘති සැලසුම්කරණය ද මෙම අංශය මඟින් සිදු කරනු ලබයි.

    කාර්යයභාරය
  • වාර්ෂික ක්‍රියාකාරි සැලැස්ම සකස් කිරීම, අනුමත කර ගැනීම
  • ප්‍රගති සමාලෝචන රැස්වීම් මාසිකව පැවැත්වීම
  • පළාත් සභා අයවැය විවාදය සඳහා අවශ්‍ය වාර්තා හා වාර්ෂික අයවැය පොත සකස් කිරීම හා සම්බන්ධීකරණය
  • ප්‍රාග්ධන වැය ශීර්ෂ යටතේ අමාත්‍යාංශයට වෙන්වන ප්‍රතිපාදනවලට අදාළ ඇස්තමේන්තු සකස් කැඳවීම හා ප්‍රතිපාදන නිකුත් කිරීම.
  • ඩෙංගු මර්ධන පළත්, දිස්ත්‍රික් කමිටු රැස්වීම් පැවැත්වීම.
  • සංවර්ධන ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් කේෂ්ත්‍ර පරික්ෂාවන් සිදු කිරීම.
  • පළාතේ සම්පත් පැතිකඩ සකස් කිරීම.
  • ජංගම සායන කටයුතු සම්බන්ධීකරණය හා සහභාගීවීම.
  • විශේෂ සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම/ අනුමත කර ගැනීම හා ක්‍රියාත්මක කිරීම.
  • තිරසර සංවර්ධන සැලැස්ම සකස් කිරීම.
  • ගිණුම් අංශය

    හැදින්වීම

    වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැක්ම හා මෙහෙවර කරා ළඟා වීමට අවශ්‍ය මුල්‍ය හා භෞතික සම්පත් ලබාදීමට දායක වීම සහ අමාත්‍යාංශය යටතේ ඇති පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, සමාජ සේවා දෙපාර්තමේන්තුව පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව හා පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යන ආයතනවල සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන නිකුත් කිරිම සහ අක්මුදල් ලබා ගැනිමට සහය විම සිදු කරයි. ඊට අමතරව අමාත්‍යාංශ නිලධාරීන්ගේ වැටුප් ගෙවිම්, අතිකාල, /ගමන් වියදම් (දේශීය හා විදේශීය) ගෙවිම් කටයුතු කාර්යාලීය විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයිම හා එදිනෙදා ගිණුම් සහ ගෙවීම් කටයුතු සිදු කිරිම ක්‍රියාත්මක වේ.

    එම අංශය යටතේම වන අභ්‍යන්තර විගණන ඒකකය මඟින් අමාත්‍යාංශය යටතේ පාලනය වන දෙපාර්තමේන්තුවල සහ උප කාර්යාලවල මුල්‍ය හා මෙහෙයුම් කටයුතු විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ සිදු වන්නේ ද නැන්ද යන්න සොයා බලා ඒ පිළිබඳ අමාත්‍යාංශ ලේකම් වෙත ලිඛිතව වාර්තා කිරීම සහ අවශ්‍ය නිර්දේශ ලබා දීම සිදු කරයි.

    ප්‍රධාන කාර්යයන්
  • සංවර්ධන වැඩ හා මෙහෙයුම් ක්‍රියාකාරිත්වය සඳහා මුල්‍ය සම්පත් සැලසීම.
  • අමාත්‍යාංශයේ මුල්‍ය හා ගිණුම් ප්‍රගතිය පිළිබඳ වාර්තා සැකසිම හා ඉදිරිපත් කිරීම.
  • අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවල මුල්‍ය කටයුතු අධීක්ෂණය
  • අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු සඳහා සංවර්ධන වැඩ වෙනුවෙන් ප්‍රතිපාදන නිකුත් කිරීම හා අක්මුදල් ලබාගැනීමට සහාය වීම.
  • වාර්ෂික ඇස්තමේන්තු සකස් කිරීම.
  • අමාත්‍යාංශය තුළ සියළු ගෙවීම් කටයුතු සිදු කිරීම.
  • අමාත්‍යංශයේ ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම හා අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවල ප්‍රසම්පාදන කටයුතු අවශ්‍ය සහාය වීම.
  • අවසාන ගිණුම් වාර්තා සකස් කිරීම.
  • මාසික හා ත්‍රෛයි මාසික වාර්තා සකස් කිරීම.
  • අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවල විගණන හා විමර්ශණ කටයුතු සිදුකිරීම.
  • අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු හා පළාත් භාණ්ඩාගාරය අතර මුල්‍ය කටයුතු හා ඊට අදාළ ලිපි කටයුතු සම්බන්ධීකරණය කිරීම.
  • අමාත්‍යාංශයට අදාළ විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම හා අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවල විගණන විමසුම් සඳහා පිළිතුරු අධීක්ෂණය
  • අමාත්‍යාංශයේ සියළු අංශ සඳහා අවශ්‍ය භෞතික සම්පත් සැපයීම.
  • වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම හා ප්‍රසම්පාදන සැලැස්ම සකස් කිරීම
  • අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවල ක්‍රියාකාරි සැලැස්ම ඉදිරිපත් කිරීම හා ඒ පිලිබඳ සමාලෝචනය කිරීම.
  • අමාත්‍යාංශය හා ඊට අදාළ දෙපාර්තමේන්තු සමඟ විගණන හා කළමනාකරණ කමිටු පැවැත්වීම.
  • පළාත් විගනණ හා කළමනාකරණ කමිටුව සඳහා තොරතුරු සැපයීම.
  • වනිතා කටයුතු අංශය

    දැක්ම
    සමෘර්ධිමත් හෙට දිනට ශක්තිමත් වයඹ වනිතාවක්
    මෙහෙවර

    වයඹ පළාත තුළ විසිරී සිටන කාන්තාවන් ඒකරාශී කොට සංවිධාන ගත කිරීම හා බලමුළු ගැන්වීම තුලින් ඔවුන්ගේ හැකියාවන්, කුසලතාවයන්, විභව ශක්තීන් පුබුදුවා, ආර්ථීක හා සමාජ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීම හා සහයෝගය ලබාදීම.

    හැදින්වීම

    වයඹ පළාත තුළ විසිරි සිටින කාන්තාවන් ඒකරාශී කොට සංවිධානගත කිරිම තුළින් ඔවුන් සතු විභව ශක්තීන් කුසලතාවයන් හා හැකියාවන් ඉස්මතු කරමින් ආර්ථික හා සමාජ සංවර්ධන ක්‍රියාවලියට දායකකර ගැනිමට අවශ්‍ය පසුබිම සැකසිම වයඹ පළාත් කාන්තා කටයුතු අංශයේ මුලික අරමුණ වේ. වයඹ පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් විසිරි සිටින කාන්තාවන් දිරිය වනිතා සමිති වටා ඒකරාශී කොට සංවිධානගත කිරිම හා කුඩා කණ්ඩායම් කුම වේදය හුරුකරවා ස්ව ශක්තිය මත අරමුදල් ගොඩනැංවිම සිදු කේරේ. ප්‍රාදේශීක වශයෙන් පවත්නා සම්පත් උපයෝගී කර ගනිමින් අවශ්‍යතාවය හා හැකියාව හදුනාගනිමින් විවිධ කේෂත්‍ර ඔස්සේ ස්වයන් රැකියා පුහුණු අවස්ථා ලබා දීම හා තාක්ෂනික හා මුල්‍ය සහසුකම් සැපයීම තුළින් කාන්තා ව්‍යවසායිකාවන් බිහිකිරිම උපදේශනය දැනුම්වත්භාවය සකසුරුවම මුළුතැන්ගෙයි කළමණාකරණය පිළිබඳ දැනුම ලබා දිම තුළින් කාන්තාවන්ගේ සමාජීය දැනුම වර්ධනය කිරිම සහ අවධානම් සහගත පවුල්වල සාමාජිකයන්ගේ සුභ සාධනය උදෙසා කටයුතු කිරිම මෙම අංශය මඟින් සිදු කරනු ලබයි.

    කාර්යයභාරය
  • විසිරී සිටින කාන්තාවන් දිරිය වනිතා සමිති වටා ඒකරාශි කොට සංවිධානගත කිරීම.
  • අවශ්‍යතාවය හා හැකියාව හදුනාගනිමින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ එම සමිති සාමාජිකාවන් වෙත ස්වයං රැකියා පුහුණු අවස්ථා ලබාදීම.
  • දිරිය වනිතා සමිති සාමාජිකත්වය දරන ස්වයං රැකියාවක ආරම්භක මටට්ටමේ සිටින කාන්තාවන් සඳහා තාක්ෂණික උපකරණ 50% ප්‍රජා දායකත්වය යටතේ සැපයීම.
  • දිරිය වනිතා සමිති සාමාජිකත්වය දරන සාමාජිකාවන් සඳහා වාර්ෂිකව 4% අවම පොළියක් යටතේ ස්වයං රැකියා සඳහා ණය පහුසුකම් ලබාදීම.
  • උපදේශනය , දැනුම්වතභාවය ලබාදීම තුලින් කාන්තාවන්ගේ සමාජීය පෞරුෂ වර්ධනය ඇති කිරීම.
  • අවදානම් සහගත පවුල්වල සමාජිකයන්ගේ සුභ සාධනය උදෙසා කටයුතු කිරීම
  • වනිතා දින වැඩමුළුව හා දිරිය වනිතාවන් ඇගයීම තුලින් ඔවුන්ගේ මානසිකත්වය ඉහල අගයකට ගෙන ඒම හා කුසලතා සංවර්ධනය කිරීම.
  • අඩු ආදායම්ලාභී පවුල් ඒකක ශක්තිමත් කිරීම.
  • දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
  • ස්වයං රැකියා උපකරණ ලබාදීම.
  • මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පැවැත්වීම.
  • සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් පැවැත්වීම.
  • කාන්තා මූලික පවුල් නගා සිටුවීම.